දේශීය

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

 

09 වන පාර්ලිමේන්තුවේ 4 වන සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව පත්කරනු ලැබු කෝප් කමිටුව පළමු වරට පසුගිය සතියේ රැස්වු අතර එහි සභාපති ධුරයට මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර ගනු ලැබීය.

 

රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීපත්වයෙන් කෝප් කමිටුව හෙට රැස්වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ.

 

ඊට අමතරව හෙට දිනයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කැඳවා ඇති බව වාර්තා වේ.

 

අනිද්දා දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා තිබේ.

 

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය හෙට පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

 

හෙට දිනයේ දි මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මාර්තු මස 8 වන දින අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් නීතීන් විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

 

විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුව සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු මස 9 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වෙයි

Mohamed Dilsad

කන්දකාඩු ආශ්‍රිත 500 කට අධික පිරිසකට කොරෝනා

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment