දේශීය

තවත් සැක කටයුතු මරණයක්

ඇරෑපොළ පොලිස් වසමේ පලුවැල්ල ප්‍රදේශයේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

 

ඊයේ (05) උදෑසන කාලයේදී එම මළ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්‌තේ, 59 හැවිරිදි පලුනැල්ල, නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු රාත්‍රී මත්පැන් සාදයකට සහභාගී වී අලුයම් කාලයේ නිවසට යන බවට පවසා පැමිණ ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

ඇරෑපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට

Mohamed Dilsad

Leave a Comment