දේශීය

කොටගල රත් කළ ගින්න

හැටන් කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ඊයේ (05) රාත්‍රියේ හටගත් ගින්නකින් එම වෙළෙඳසැලට අයත් තවත් වෙළෙඳසැල් තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

 

රාත්‍රි 10ට පමණ වෙළෙඳ සැලෙහි අයිතිකරු සිය බිරිඳ සමග වෙළෙඳ සැලෙහි උඩු මහලේ රැඳී සිටිය දී පහළ මහලෙන් එකවරම ගින්නක් හටගෙන ඇති බවත්, පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිටතට පැමිණ ඇති බවත් පොලීසිය කියා සිටියේය.

 

පැතිර යමින් තිබු ගින්න කොටගල නගරයේ වෙළෙඳුන්, දිඹුල පතන පොලිසියේ නිලධාරින්, කොටගල යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ වතු කම්කරුවන් එක්ව දැඩි උත්සහයක් දරා පාලනය කිරීමට සමත්ව තිබේ.

 

ගින්න පාලනය කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස් එම ස්ථානයට පැමිණිමත් සමග එම ස්ථානයේ රැඳී සිටි පිරිස් ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වනු ලැබුහ.

 

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසීය.

 

කොටගල නගරයේ හටගත් ගින්න පාලනය කිරීමට ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ ගිනි නිවන ඒකකයේ සහයෝගය හෝ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහයෝගය නොලැබීමට විරෝධය පාමින් අද (06) දින හැටන් කොටගල නගරයේ වෙළෙඳසැල් පැය කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව කොටගල වෙළෙඳ සංගමයේ සභාපති විශ්වනාදන් පුෂ්පා මහතා පැවසිය.

 

 

Related posts

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගරයේත් කොරෝනා ආසාදිතයින් රැසක්

Mohamed Dilsad

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා විවාදයට

Mohamed Dilsad

Leave a Comment