දේශීය

පුංචි ඡන්දයේ දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 10.30ට පමණ එම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

අදාළ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද වෙනම රැස්වී අද සාකච්ඡා කිරීමට නියමිතය.

 

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ අප්‍රේල් මස 02වන සතිය වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇති බවය.

 

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබේ.

 

මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ද යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

 

Related posts

යුද හමුදාපතිවරයා නව ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් ගිවිසුම් විදිමත් කිරීමට පියවර

Editor O

ජනකගෙන් ඇමති කංචන ට සැර පිළිතුරක්

Mohamed Dilsad

Leave a Comment