දේශීය

ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යෑමක් සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

 

දෛනික ගෙවීම රුපියල් 2,000කට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

 

“මේ අයදුම් නොකරන්න හේතුවෙලා තිබුණේ විශේෂයෙන්ම මේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවන දීමනාව අවම මට්ටමක පැවතීම. 22 සිට ඇගයීම් කටයුතු ආරම්භ වෙලා නෑ. එතකොට දැන් මේ තුළ වෙන්නේ සම්පූර්ණයෙන් ඉදිරි විභාගත් ක්‍රමාණූකූලව ප්‍රමාද වෙන එක. මෙතනදී අධ්‍යාපන ඇමතිවරයා මේ දීමනා මදී නිසා ඔහු විසින් රුපියල් 3,000කින් දෛනික දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ කැබිනට් පත්‍රිකාව තුළ මේ දෛනික දීමනාව රුපියල් 2,000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මේක තවදුරටත් දීර්ඝ වීම තුළ ගුරුවන්ගේ අයදුම් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ ඇගයිම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. අපිට අවශ්‍යයි අදාළ අවුරුද්දේ විභාගයට එන්න. එහෙම ආවොත් තමයි මේ අධ්‍යාපනයේ අර්බුදය අවසන් වෙන්නේ.”

 

විභාග ඇගයීම් කටයුතු සඳහා අයදුම් කිරීමට හෙට දිනය දක්වා විභාග දෙපාර්තමේන්තුව කල් ලබාදී තිබේ.

 

 

Related posts

රනිල්, අනුර ඇතුළු පිරිසේ පෙත්සම් ගැන නීතිපති ගත් පියවර

Mohamed Dilsad

ආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපති

Mohamed Dilsad

වැරදි වැඩක් කළ නීතිඥවරයාගේ වෘත්තීය අහිමිකෙරේ

Mohamed Dilsad

Leave a Comment