දේශීය

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

 

“අද දෙරණ” කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

 

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළේය.

 

 

Related posts

“පොල්තෙල් හිගයක් මවාපාමින් මිල විකෘතියකට බහුජාතික සමාගම් සූදානම්”

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

Mohamed Dilsad

මරදානේ දී බස්රථයක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment