විදෙස්

භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

 

විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවය.

 

දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ.

 

ඊයේ (06) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8ක භූකම්පනය සහ ඒකක 7.5ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් තුර්කි – සිරියා දේශසීමාවේ නගර රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

 

ගොඩනැගිලි දහස් ගණනක් බිඳවැටී ඇති අතර මාර්ග ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව තිබේ.

 

තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

 

ඒ සඳහා අමෙරිකාව ඇතුළු රටවල් රැසක සහාය හිමව ඇති බව වාර්තා වේ.

 

මේ අතර භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

Related posts

මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේ

Mohamed Dilsad

කොරෝනා වලට බොලිවුඩ් තරු දෙකක් ගොදුරු වෙයි

Mohamed Dilsad

මේ දිනවල මල් තෝරන හැරී සහ මේගන්

Mohamed Dilsad

Leave a Comment