දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ.

 

ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා සහ පසුගිය 30 වනදා රැස්ව තිබුණි.

 

අද ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිතය.

 

පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය කළේය.

 

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

 

 

Related posts

විදුලි බිලේ සහන මේ වසරට නැත

Editor O

මාදිවෙල මන්ත්‍රී නිවාසවල හවුලේ ඉන්න බැහැ. නවක මන්ත්‍රී එළියට බහී.

Editor O

ඥනසාර ස්වාමීන්වහන්සේට වරෙන්තු

Editor O

Leave a Comment