විදෙස්

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි අතර සබඳතාව රටට හෙළිකළ යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් ප්‍රශ්න කළේය.

 

රාහුල් ගාන්ධි මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, පසුගිය වසර 8ක කාලය තුළ ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සහයෙන් ගෞතම් අදානි ව්‍යාපාර රැසකට අවතීර්ණය වී ධනපතියෙකු බවට පත්ව ඇති බවය.

 

රාහුල් ගාන්ධි,

 

“කේරළයේ, තමිල්නාඩුවේ, මහාරාෂ්ට්‍ර, කර්ණාටක, කෂ්මීරයේ හැමතැනම අදානී.. අදානී.. ආදානී.. ආදානී… අදානිගේ වත්කම 2014 සිට 2022 දක්වා ඩොලර් බිලියන 8 සිට ඩොලර් බිලියන 140ක් දක්වා ඉහළ ගියේ කොහොමද? ලෝකයේ ධනවතුගේ ලැයිස්තුවේ 2014 වසරේ තමයි මැජික් එක වුණේ. 609වැනි ස්ථානයේ පසුව එකවරම ඔහු ලැයිස්තුවේ 2වැනි ස්ථානයට පැමිණියා. මගෙන් හැමෝම අහනවා, අදානි එකවරම මෙතරම් විශාල ව්‍යාපාර ගණනකට පිවිසුණේ කොහොමද?මෙතරම් සාර්ථකත්වයකට ඔහු පත්වුණේ කොහොමද? වඩා වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඔහු සහ ඉන්දියානු අගමැති අතර ඇති සබඳතාවය කුමක්ද? මේ බලන්න ඔවුන් අතර ඇති සබඳතාව.

 

අගමැතිතුමනි, ඔබගේ විදේශ සංචාරයන්හීදී අදානි මහත්තයායි ඔබයි කීපාරක් එකට ගියාද? කොපමණ වාරයක් සංචාරය අතරතුරදී අදානි මහතා ඔබ සමග එක්වුණාද? කොපමණ වාරයක් ඔබ රටකට සංචාරය කළ පසු ඒ රටට අදානි මහත්තයා හදිසියේ ගිහින් තියෙනවාද? අගමැතිතුමා සංචාරය කළ පසු එම රටවල් මගින් කොපමණ කොන්ත්‍රාත්තු ප්‍රමාණයක් අදානි මහත්තයාට ලබාදී තිබෙනවාද? ඒ වගේම තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි පසුගිය වසර 20 ඇතුළත අදානි මහත්තයා භාරතීය ජනතා පක්ෂයට කොපමණ මුදලක් ලබාදී තිබෙනවාද?

Related posts

චීනය BBC ලෝක සේවාව අත්හිටුවයි

Mohamed Dilsad

යුක්රේන ගුවන් යානය බිම හෙලීම අත්වැරැදීමක් – ඉරානය

Mohamed Dilsad

රුසියානු විද්‍යාඥයන්ගේ කොරෝනා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

Mohamed Dilsad

Leave a Comment