දේශීය

ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට නියෝගයක්

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

 

රජයේ කටයුතු සඳහා පෙර සිදුකළ පරිදි මුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බැවින් එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

 

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

 

ඒ අනුව අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

 

වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප්, රෝහල් වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි සහනාධාර, වැඩිහිටි මූල්‍ය ආධාර, ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම, ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට ගෙවීමට අයවැයෙන් යෝජනා කර ඇති මූල්‍යාධාර ලබා දීම පමණක් මේ යටතේ සිදු කෙරෙයි.

 

මීට අමතරව 5 වසර ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා, රෝහල්සේවා ඇතුලු සේවා සදහා ද ප්‍රතිපාදන වෙන්කර ඇති බව සදහන්.

Related posts

නිරෝධායන රීති උල්ලංඝණය කළ 1900 කට වැඩි පිරිසකට නඩු

Mohamed Dilsad

උසස් පෙළ කල් දමන බවට ඇතැමුන් ගෙනගෙන යන ප්‍රචාර අසත්‍යයයි

Mohamed Dilsad

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment