දේශීය

මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

 

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ.

 

මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

එහි සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන් බවය.

 

කෙසේවෙතත් අදාළ දැනුම්දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව නිමල් ජි.පුංචිහේවා මහතා සඳහන් කළේය.

Related posts

පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

Mohamed Dilsad

Leave a Comment