දේශීය

ඉන්ධන දීමනාවෙන් බදු අය කෙරෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව තුළ මාසික වැටුප රුපියල් ලක්ෂ 3 ඉක්මවා ලබා ගන්නා ශ්‍රමිකයින් ඇත්තේ 11,142ක් වැනි සංඛ්‍යාවක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

උපයනවිට බදු අයකිරීමේ රජයේ නව බදු ප්‍රතිපත්තියට ඊයේ (08) දින සිදුකළ නව සංශෝධන සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා “අද දෙරණ” බිග්ෆෝකස් වැඩසටහනට එක්වෙමින් එම කරුණු පැහැදිලි කළේය.

 

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

 

“අපේ රයේ ශ්‍රම බළකාය 4,645,572යි. සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට 120,925ක් තමයි ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නේ. ඔවුන්ට තමයි මේ PAYE TAX නැත්නම් උපයනවිට ගෙවීම වදින්නේ. සාමන්‍ය බැලුවොත් ශ්‍රම බළකායෙන් 2.6%කට තමයි මේ Tax එක වදින්නේ. දැන් 2.6 ගෙන් තමයි අපි මේක ගන්නේ. ඇයි මේ ගන්නේ ? පවුල් 5,800,000න් ලක්ෂ 39ක් ජීවත් වෙන්න ආධාර ඉල්ලනවා රජයෙන්.

 

ප්‍රශ්නය – ඉන්ධන දීමනාව මුදල් විදිහට හම්බ වෙනවානම්, එයාට කොහොමද Tax වෙන්නේ ?

 

“උදහරණයක් අපි කියමු මුදල් වශයෙන් කෙනෙකුට ලක්ෂයක් හම්බවුණා කියමුකෝ 25,000 ප්‍රතිලාභයක් හැටියට සලකලා. ඒ 25,000 Tax කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ පඩිය සහ ඉන්ධන දීමනාව වෙනුවෙන් 25,000යි. ලක්ෂයක් දෙන අවස්ථාවක.”

 

ප්‍රශ්නය – එතකොට තෙල් විදිහට දෙනවානම් ?

 

“තෙල් විදිහට දෙනවානම් මුදල් දෙන්නේ නැහැ. තෙල් විතරක් දෙනවානම් 20,000යි.”

 

ප්‍රශ්නය – එතකොට පෞද්ගලික සහ රාජ්‍ය දෙකටම මේක අදාළයි ?

 

“නැහැ. අරමුදල් වශයෙන් දෙනවානම් කියන එක ආණ්ඩුවේ නිකුත්කරන චක්‍රලේක මත වාහන හිමියටන් පමණයි.”

Related posts

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11 ක තාක්ෂණික ආධාර

Mohamed Dilsad

තවත් මවක් සහ දැරියක් අතුරුදන්

Mohamed Dilsad

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment