දේශීය

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

මඟීන් රැගත් ලංගම බස් රථයක් අද (10) දහවල් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

 

රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිව එම අනතුර සිදුවී ඇති බවට වාර්තා වෙයි.

 

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ගිලීමලේ රෝහලට ඇතුළත් කර ඇත.

 

ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ හේතුවෙන් රත්නපුර රෝහලට මාරු කර යවා තිබේ.

 

 

Related posts

ගුරුවරු 40,000ක් අඩුවෙයි

Mohamed Dilsad

අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අවධානම ගැන විපක්ෂ නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment