දේශීය

වෛද්‍ය උපකරණවලත් දැවැන්ත හිඟයක් ?

දිනෙන් දින වර්ධනය වන ඖෂධ හිඟයට නිසි විසඳුමක් තවමත් නොමැති පසුබිමක වෛද්‍ය සේවය සඳහා භාවිත වන උපකරණවලද දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගබඩාවල සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල පවතින ඖෂධ පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බව ඔවුන් පෙන්වා දී තිබේ.

 

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බවත්, වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවත්, වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය කාලය පුරා පෙන්වා දුනි.

 

ඖෂධ වර්ග 1,300ක් පමණ තිබුණත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

දියවැඩියා රෝගීන්ට දෙන ඉන්සියුලින්, හෘද රෝගීන්ට දෙන ඇස්ප්‍රීන් වර්ග, මෙට්ෆොමීන්, කුඩා දරුවන්ට දෙන සිරප් වර්ග, මූලික ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, නිර්වින්දන ඖෂධ, පිළිකා ඖෂධ සහ වකුගඩු රෝගීන්ට දෙන ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදසහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා,

 

“හදිසි අනතුරු සේවා ඖෂධවල සිට පිළිකා නාශක ඖෂධ දක්වා විශාල පාරසයක ඖෂධ දැවැන්ත හිඟවීමකට ලක්වෙලා තියෙනවා. මේ මාසය තුළ බොහෝ ඖෂධ තොග ප්‍රමාණයක් අවසන් වෙමින් තියෙනවා. මේ තොග නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම ඉතාම අඩුයි. නාසය මාර්ගයෙන් ඇතුළු කරන බට, මුත්‍රා බට, කැනියුලා වර්ග, ලේ ගන්න අවශ්‍ය නීඩ්ල් වර්ග මේ හැම එකකම දැවැන්ත හිඟයක් තියෙනවා. කැඩුම් බිඳුම්, සුෂුම්නාව ආශ්‍රිත ශල්‍යකර්මවලට අවශ්‍ය උපකරණ හිඟයි. මේ නිසා මේ වෙනෙකොට සුෂුම්නාව ආශ්‍රිත ශල්‍යකර්ම බොහෝ රෝහල්ව නැවතිලා. අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් නොමැති වීමෙන් රෝගියා මියයනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් ඉලක්කම්වලින් රුපියල් බිලියන 322ක් ඔන්න අපි වෙන්කළා කියලා කිව්වට වැඩක් නැහැ. එ් මුදල ඇත්ත වශයෙන්ම වෙන් කරලා මේ අත්‍යවශ්‍ය මොහොතේ ජීවිත පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය වෙන ඖෂධ ටිකවත් එවන්න.”

 

එවන් පසුබිම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (12) ප්‍රකාශ කළේ වෛද්‍ය උපදෙස් මත කල් දැමිය හැකි ශල්‍යකර්ම රජයේ රෝහල්වලදී සිදුකිරීම කෙටි කාලයකට කල්දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.

Related posts

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ත්‍රස්ත පනත යටතේ රිෂාඩ් රඳවා ගැනීම දේශපාලන පලිගැනීමක් – සමගි ජන බලවේගය [වීඩියෝ]

Mohamed Dilsad

අද ශක්ති ඉන්දියාවට යයි

Mohamed Dilsad

Leave a Comment