දේශීය

එස්. ජී සේනාරත්නට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

‍මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් එස්.ජී සේනාරත්න මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී තිබේ.

 

වාර්තා වන්නේ ඊයේ (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අදාළ පත්කිරීම සිදුකර ඇති බවය.

 

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් පසුගියදා ඉල්ලා අස්වුණි.

 

ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සාමාජිකයෙකු වෙනුවට එස්.ජී සේනාරත්න මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ අනෙක් පුරප්පාඩුව සඳහා සාමාජිකයෙකු පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දිනයේ යළි රැස්වීමට නියමිත බවය.

 

මේ අතර විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිශන් සභාව හෙට දිනයේ අවසන් තීරණයක් ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිශන් සභාව සාකච්ඡා කරන ලෙස ජාතික සභාව නිළධාරීන්ට දැනුම් දී තිබේ.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව ඊයේ රැස්වුණි.

 

මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සාමාජිකයින්, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිළධාරීන් ඊයේ ජාතික සභාව හමුවට කැදවා තිබුණි.

 

එහිදී විදුලි ගාස්තු වැඩීවීම පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේ දැනුම්දීම සඳහා මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් පවතින බව මහජන උපයෝගිතා කොමිශන් සභාවේ නිළධාරීන් පවසා ඇත.

 

ඒ අනුව මහජන උපයෝගිතා කොමිශන් සභාව සහ විදුලි බල මණ්ඩලය එක් මතයකට පැමිණ තීරණයක් ගැනීම වඩාත් වැදගත් බැවින් කඩිනමින් ඒ පිළිබඳ සාකච්ඡා කොට තීරණයක් ගැනීමේ අවශ්‍යතාව ජාතික සභාව විසින් අවධාරණය කර ඇත.

 

 

Related posts

හෝමාගමට පැය 10 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ

Mohamed Dilsad

Leave a Comment