දේශීය

සිකුරාදා IMF සාකච්ඡාවට එක්වන රටවල් මෙන්න

ශ්‍රී ලංකාව ඇතුළු විදේශ ණය අර්බුදයකට ලක්ව ඇති රටවල් පිළිබඳ වටමේස සාකච්ඡාවක් එළැඹෙන සිකුරාදා (17) වනදා ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

මෙම ඔන්ලයින් වටමේස සාකච්ඡාව සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව සහ ඉන්දියාව විසිනි.

 

ඊට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජී-7 කණ්ඩායමද සහභාගි වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

 

ඊට අමතරව ජී-20 කණ්ඩායමේ පොදු යාන්ත්‍රණය යටතේ ණය සහනයක් අපේක්ෂා කරන ඉතියෝපියාව, සැම්බියාව , ඝානාව, සුරිනාම්, ඉක්වදෝරය මෙන්ම ශ්‍රී ලංකාව වැනි ණය අර්බුදයට ලක්ව ඇති රටවල්ද එම ඔන්ලයින් වටමේස සාකච්ඡාවට සහභාගි වන බව වාර්තා වේ.

 

ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම ඔන්ලයින් වටමේස සාකච්ඡාව සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ඉන්දියාවය.

 

එළැඹෙන සිකුරාදා පැවැත්වෙන වටමේස සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ විදේශ ණය අර්බුදවලට ලක්ව ඇති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාම්ප්‍රදායික ණය හිමියන්, චීනය, සෞදි අරාබිය සහ ඉන්දියාව වැනි ණය හිමියන් මෙන්ම පෞද්ගලික අංශය එක් කර ගනිමින් ඒ සඳහා වර්තමානයේ පවතින අඩුපාඩු සාකච්ඡා කිරීම එහි අරමුණ බවය.

 

මේ අතර ජී-20 කණ්ඩායමේ මූල්‍ය බලධාරීන් සහභාගී වන තවත් රැස්වීමක් පෙබරවාරි 23 වනදා සිට 25 දක්වා ඉන්දියාවේ බෙන්ගලූරු නුවරදී පැවැත්වීමටද නියමිතය.

 

මෙම සාකච්ඡාවලදී එළැඹෙන තීරණ අනුව ණය අර්බුද විසඳන පොදු යාන්ත්‍රණයක් නිල වශයෙන් දියත් කෙරෙනු ඇත්තේ ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම් වාරයේදීය.

 

 

Related posts

ඉහළ පොලිස් නිළධාරීන් 14 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

නව ආසාදිතයින් 283ක්

Mohamed Dilsad

කොවිඩ් වැළදුණු පොලිස් නිලධාරීන් 1000 පන්නයි

Mohamed Dilsad

Leave a Comment