දේශීය

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912දී හඳුන්වා දී තිබුණි.

 

එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට ඒ අනුව කටයුතු කෙරේ.

 

අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

එම යෝජනාව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

 

 

Related posts

සහරාන්ගේ අදහස් ප්‍රචාරය කල සිව් දෙනෙකු TID අත්අඩංගුවට

Mohamed Dilsad

හිඟය අවසන් වුණැයි කීවත් ලුණු මිල තවමත් අහසේ : ලුණුවල අසීමිත ලාබය යන්නේ කාගේ සාක්කුවට ද ?

Editor O

පාකිස්තානයෙන් මෙරටට ආ හෙරොයින් තොගය

Mohamed Dilsad

Leave a Comment