දේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (14) උදෑසන 08.00 සිට යළි ආරම්භ කර තිබේ.

 

පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (13) දහවල් පියවර ගෙන තිබුණි.

 

එම තීරණයත් සමඟින් එහි පැමිණ සිටි ජනතාව නොසන්සුන් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පසුව එක්දින සේවාව මගින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට එහි පැමිණි පිරිස ඊයේ රාත්‍රියේ එහි රැය පහන් කළේය.

 

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ඊයේ දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනාගේ ගමන් බලපත්‍ර අද නිකුත් කරන බවය.

 

අද යළි දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය වෙත කුරියර් සේවාවක් මගින් අදාළ ගමන් බලපත්‍ර නිවසටම ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සදහන් කළේය.

 

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සේවාවන් ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන් කරගත් අය අද එහි නොපැමිණෙන ලෙසය.

 

සෑම අයකුම තමන් වේලාව වෙන් කර ගත් දිනට නොපැමිණ ඊට පසු දින පැමිණෙන ලෙසද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට දන්වා සිටියි.

Related posts

නීතිපතිට කල්දෙයි

Mohamed Dilsad

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

Editor O

අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment