දේශීය

වැරදි වැඩක් කළ නීතිඥවරයාගේ වෘත්තීය අහිමිකෙරේ

වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය ඉවත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

 

ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු කටයුත්තකදී එම නීතිඥවරයා නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකළ බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

 

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.

Related posts

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ නඩුව යළි කල් යයි

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment