දේශීය

ඉදිරියේ දී විදුලි බිලට සිදුවන වෙනස

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

 

QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බඳවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක් අවම කරගැනීමට කටයුතුකර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

මේ අතර, ස්මාට් මනුකියවීම (Smart metering) කඩිනමින් හඳුන්වාදීමට කටයුතු කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

 

එය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක වන අතර පාරිභෝගිකයන් 31,000කට ස්මාට් බිල්පත් එනම් මනුකියවීමෙන් තොර වූ ඉලෙක්ට්‍රොනික බිල්පත් හා SMS මගින් පාරිභෝගිකයාට බිල්පත ලැ‍බීමට නියමිත බවද අමාන්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

 

එමෙන්ම පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී ඇති නව සබඳතා 36,000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Related posts

අද සිට ඉහළ යන දුරකථන සේවා ගාස්තු

Mohamed Dilsad

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

‘යතුරුපැදි සවාරිය කොන්දේසි කඩලා’ – පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment