දේශීය

කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථාවට නිර්දේශ රැසක්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

 

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 2019, 2020 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම එහිදී සිදුවිය.

 

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2021 වර්ෂය සඳහා සිය ආයතනික වාර්ෂික වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා සිටි අතර එලෙස වාර්ෂික වාර්තා ප්‍රමාද කිරීම මගින් ආයතනය විසින් පාර්ලිමේන්තුව මඟහරින බවක් ගම්‍ය වන බවද පැවසීය.

 

මෙහිදී කෝප් සාමාජිකයන් පෙන්වා දුන්නේ වාර්ෂික වාර්තා ප්‍රමාදවීම නිසා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ ආයතනවල වාර්ෂික මූල්‍ය තත්ත්වය නිසි අවබෝධයක් ලබාගැනිමට නොහැකි වී ඇති බවය.

 

ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබේ.

Related posts

සහල් එක්රැස් කර තබා ගන්නා වී මෝල් වැටලීමට පියවර

Mohamed Dilsad

ජනපති අද ඩුබායි රාජ්‍යයට

Mohamed Dilsad

මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment