දේශීය

මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

 

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා මුද්‍රණාලයාධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවය.

 

අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (10) නිවේදනය කළේය.

 

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙසට ආණ්ඩුවට බල කරමින් නිදහස් ජනතා සන්ධානය සංවිධානය කළ විරෝධතාවක් අද මහනුවර නගරයේදී පැවැත්වුණි.

 

එමෙන්ම නිදහස් ජනතා සන්ධානය අද මොණරාගලදී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබු අතර එම සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට පෙර නිදහස් සන්ධාන පාක්ෂිකයින් පළාත් පාලන ඡන්ද විමසීම ඉල්ලා විරෝධතාවයක නිරත වුණි.

 

 

Related posts

මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්

Mohamed Dilsad

ධම්මික මහතාගේ දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

Mohamed Dilsad

එජාපයෙන් ඉවත්කළ පිරිසගේ නම් මැතිවරණ කොමිසමට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment