දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

 

ඇය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවය.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතුව පවතී.

 

එහෙත් මෙතෙක් පළාත් පාලන මැතිවරණයට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බව වාර්තා වේ.

 

මැතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වනදා මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

 

කෙසේවෙතත් අදාළ දැනුම් දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

 

එම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවත් ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

 

යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණ ද ලබන 20 වන දිනට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාරදීමේ හැකියාවක් නොමැති බව මුද්‍රණාලායාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

 

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

 

මාර්තු මස 20 වන‍දාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත නොලැබුණහොත් මාර්තු 28 වන දින සිට පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවේ.

 

 

Related posts

සුවය ලැබූ නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

අද දිනයත් පැය 03ක විදුලි කප්පාදුව

Mohamed Dilsad

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment