දේශීය

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් කිසිදු ඵලයක් නෑ – සමන් රත්නප්‍රිය

15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළද එයින් කිසිදු ඵලයක් නොලැබෙන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

 

වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැහැදිලි කළේය.

 

15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළද රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිසිවක කිසිදු වෙනසක් සිදුනොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

 

රට ගැන සිතමින් තවත් මාස 08ක පමණ කාලයක් පවතින ගැටලුකාරී තත්ත්වය ඉවසා සිටියහොත් සාධනීය තත්ත්වයකට රට ගෙන යා හැකි බවත් එසේ නොවුනහොත් සියලුමදෙනා දැඩි අපහසුතාවයකට පත්විය හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

ජනපති අතින් සෝමාවතියේ “හෙලිකොප්ටර් යානාංගනය” විවෘත වෙයි

Mohamed Dilsad

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

රට පුරා වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අදත්

Mohamed Dilsad

Leave a Comment