දේශීය

ජනපතිගෙන් තවත් කමිටුවක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ ශික්ෂණ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

 

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි එම කටයුත්ත සිදුකිරීම සඳහා එම තීරණය ගෙන ඇත.

 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට ගැනීමට සුදුසු රෝහල්, අධ්‍යනය කිරීම, සමාලෝචනය කිරීම, හඳුනාගැනීම සහ සායනික පුහුණුව ලබාදීමට ඇති හැකියාව එම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.

 

ඒ අනුව හඳුනාගත් රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර, සති 8ක කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

 

කමිටු සමාජිකයින් පහතින් දැක්වේ.

 

*සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ (සභාපති)

 

*සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක වෛද්‍ය ආර්.එම්. සමන් කුසුම්සිරි රත්නායක

 

*සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ.කේ. එස් ද අල්විස්

 

*විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

 

*ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ

 

*විකලාංග සහ ක්ෂථ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ

 

*කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ

 

*ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක

 

*රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන

 

*කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධන

 

*සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ආර්. එල්. එස්. සමන්මලී

 

 

Related posts

ගැබිණි මව්වරුන්ගේ ගැටළු විසඳා ගැනීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

සතිඅන්තයේ කාලගුණය

Mohamed Dilsad

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment