දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක නොකළ ආයතන 88 කට නීතිමය පියවර

Mohamed Dilsad

හෙට මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]

Mohamed Dilsad

දිවයින පුරා වතු කම්කරුවන් අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment