දේශීය

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.

 

අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

 

ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

 

ඊට අමතරව නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් අධ්‍යයන කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත් කර ඇති කමිටුවේ අදහස් ද මෙහිදි විමසීමට නියමිත බව සඳහන්ය.

 

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් දුර්වල කිරීම වෙනුවෙන් භයානක පනතක් සම්මත කිරීමට රජය උත්සහ දරමින් සිටින බවය.

Related posts

මුදල් ඇමති රනිල්

Mohamed Dilsad

බස් ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment