දේශීය

ඉන්ධන සැපයුම ගැන අනපේක්ෂිත තීරණයක්

ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

 

ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබුණි.

 

ඒ අනුව මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බැවින් දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් හෙවත් ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බව දැක්වෙයි.

 

ඒ හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

Related posts

ආනයන අපනයනත් බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව ඉහළට

Mohamed Dilsad

ඉන්දීය මහ කොමසාරිස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර භාරදෙයි

Mohamed Dilsad

සියළු බන්ධනාගාර අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

Leave a Comment