දේශීය

පාඨලීගෙන් අලුත් පක්ෂයක්

ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ ලෙස එම පක්ෂය නම් කර ඇති බවය.

 

“ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න. කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ. ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට. නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ පෙරමුණ.”

Related posts

කන්දකැටිය ප්‍රාදේශීය සභා අයවැය, මාලිමාව පරාදයි

Editor O

උසස් අධ්‍යාපන ගැටළු රැසක් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

අගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?

Editor O

Leave a Comment