දේශීය

ආරක්ෂක අංශයේ 10,000කට විදෙස් රැකියා අවස්ථා

මැලේසියානු රජයෙන් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක කෝටාවක් හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා පවසයි.

 

අමාත්‍යවරයා පවසන්නේ මැලේසියානු රජය විසින් පෙර අනුමත කරන ලද රැකියා 10,000ට අමතරව මෙම රැකියා කෝටාව හිමිවී ඇති බවය.

 

දෙරටේ රජයන් අතර සිදුවන ගණුදෙනුවක් ලෙස නව රැකියා කෝටාව හිමිවී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

 

ඉදිරියේදී මාසිකව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉල්කකයක් කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 

Related posts

මේ වසරේ පළමු මාස 05ට අල්ලස් පැමිණිලි 2000ක්

Editor O

හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටම

Mohamed Dilsad

වැඩිම පිරිසක් මිය යන රෝග තත්ත්වය මෙන්න

Editor O

Leave a Comment