දේශීය

විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවී ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

 

බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ අසෝක අබේගුණවර්ධන මහතා විසින් අද (15) එම පෙත්සම ගොනුකර ඇත.

 

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදුවී ඇති බවය.

 

මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ද ගොනු කර තිබේ.

 

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

 

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

 

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවය.

 

මේ හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමේ බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇති බවත් එම අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

 

 

Related posts

”එල් බෝඩ්” මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි ට උමන්දාවේ පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

වැඩිවෙන විදුලි ගාස්තුව කර්මාන්තවලට බලපාන අයුරු

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට ඉංජිනේරු සේනාංකයක්

Mohamed Dilsad

Leave a Comment