දේශීය

අතරමංවූ සංචාරකයින්

වෘත්තීය සංගම් අද (15) දිනයේ ගෙන තිබෙන ක්‍රියාමාර්ග හමුවේ දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින් රැසක් අපහසුතාවයට පත්වී සිටින බව අප වාර්තාකරුවන් පවසයි.

 

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ මාසයක පමණ කාලයක් සඳහා මෙරටට පැමිණ සිටින සංචාරකයින් පිරිසකි.

 

ප්‍රංශ සහ රුසියානු ජාතිකයින් පිරිසක් මෙලෙස නුවරඑළියට පැමිණ සිටි අතර ඔවුන් අද දිනයේ දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

 

අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණ ද වර්ජන ක්‍රියාවලිය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති බවය.

Related posts

තෙවැනි පාර්ශ්වය චීන පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව ඔප්පු වෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ වාර්තා බිඳ දැමූ හරිනි අමරසූරිය

Editor O

කන්දකාඩු ආශ්‍රිත 500 කට අධික පිරිසකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment