දේශීය

බදු ප්‍රශ්නයට අදාළව ස්ථීර කාලරාමුවක්

උපයනවිට බද්දට අදාළව සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට ජනාධිපති ලේකම්වරයා එකඟතාවය පළ කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

 

ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සමග අද (17) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

 

රජයේ නව බදු ප්‍රතිපත්තිය හා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව දියත් කළ වැඩවර්ජනය අවසන් කෙරුණේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමග සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවට දන්වා එවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

 

ඒ අනුව ජනාධිපතිවරයා සමග එළඹෙන සතියේ සාකච්ඡාව පැවැත්වීමට පෙර ජනාධිපති ලේකම්වරයා විසින් අද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණි.

Related posts

තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

පැය 24 ක් තුළදී රිය අනතුරුවලින් 12 ක් මරුට

Mohamed Dilsad

රන්ජන්ට ජනපති සමාව ඉල්ලා චන්ද්‍රිකාගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment