දේශීය

මහ තරගය බලන්න ආ ජනපති

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වන නිල් මහා සටන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනටත් පැවැත්වුණි.

 

එම තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටියේය.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

 

ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

 

අද දිනය නිමා වනවිට කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවි ලකුණු 168 ක් රැස්කරගෙන සිටියේය.

 

 

Related posts

සහල් ගැටළුවට පිළියම් සොයන්න වී සඳහා සහතික මිලක් නියම කළ යුතුයි – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

IDH රෝහලට දින 10ක් තුළ නිම කල ගොඩනැගිලි දෙකක්

Mohamed Dilsad

Leave a Comment