දේශීය

බූරු මූණා’ ගැන තොරතුරු රැසක් එළියට

කටුනායක ගුවන් ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය, කුලී ඝාතකයෙකු බව පැවසෙන රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ අවිස්සාවේල්ල පොලීසිය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.

 

ඔහු අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙන අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

 

සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි.

 

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

 

ඔහු පොලීසිය මඟහැර සැඟව සිට පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටින් පළායාමට උත්සාහ කිරීමේදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණි.

 

නමුත් ඔහු ගුවන්තොටුපොළ පොලීසියෙන් ඉතා සූක්ෂම ලෙස පළායාමට සමත් වූ අතර ඔහු නැවත පොලීසිය මඟහරිමින් සැඟවී සිටියේය.

 

‘බූරු මූණා’ අවිස්සාවේල්ල අධිකරණයට භාරවීම සඳහා අද පැමිණෙන බවට අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට තොරතුරක් ලැබී තිබුණි.

 

සැකකරු පැමිණි මෝටර් රථය අවිස්සාවේල්ල, මානියංගම අධිකරණය අසලදී පොලීසිය විසින් නවත්වා ඇති අතර ‘බූරු මූණා’ මෝටර් රථයෙන් පිටතට විත් දිවගිය බවත් එහිදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

 

ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ‘බූරු මූණා’ යනුවෙන් පවසමින් තමන්ට පාසල් කාලයේදී උසුළු විසුළු කළ සිසුවෙකු ඝාතනය කරමින් පුද්ගල ඝාතන සිදුකිරීම ආරම්භ කළ බවය.

 

ලී ඉරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තම පියාට විටෙක කරදර කළ පුද්ගලයන් සිව්දෙනෙකු ලී ඉරීම සඳහා භාවිත කරන චේන් ෂෝ උපකරණයකින් කපා ඔවුන්ට බරපතළ තුවාල සිදුකළ බවත් ඔහු පොලීසියට පවසා ඇත.

 

සැකකරු නාවික හමුදාවේ සිට සේවය හැර ගිය අයෙකු බවත් පොලීසිය පවසයි.

 

ඔහු රත්ගම විදුර නමැත්තාගේ පාතාල කල්ලියේ ප්‍රධාන වෙඩික්කරුවෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

 

වැඩිදුර විමර්ශන සඳහා ‘බූරු මූණා’ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

Related posts

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක්

Mohamed Dilsad

රත්‍රං මිල තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment