දේශීය

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් ප්‍රමාද වෙයි

විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී නොවීම එය අඩාලවීමට හේතු වූ ප්‍රධාන සාධකය බව ලංකා ගුරු සංගමය පවසයි.

 

පිළිතුරු පත්‍ර ඇගයීමේදී දිනකට ලබාදෙන දීමනාව කම්කරුවෙකුගේ දෛනික වැටුප තරම්වත් නොවීමද කනගාටුදායක කරුණක් බවය ද එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

 

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ, පැවති සාකච්ඡා සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බවය.

Related posts

PCR පරීක්ෂණය සඳහා අය කළ හැකි ගාස්තු

Mohamed Dilsad

ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස දැනුම්දීමක්

Mohamed Dilsad

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

Mohamed Dilsad

Leave a Comment