දේශීය

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇත.

 

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබේ.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, හෙට (21) පස්වරු 8.30 දක්වා එම අනතුරු ඇඟවීම වලංගු බවය.

Related posts

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කඩවත – මීරිගම අධිවේගී මාර්ග ඉදිකිරීමට, චීන එක්සිම් බැංකුවෙන් ගන්නා ඩොලර් මිලියන 500ක ණය මුදලේ, පොලී අනුපාතය 2.5% සිට 3.5% දක්වා ඉහළ ට

Editor O

විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති

Editor O

Leave a Comment