දේශීය

හංගන්න දෙයක් නෑ… -ඇමති බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමට උවමනාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ඒ සම්බන්ධ සියලූම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බවය.

 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ, පාර්ලිමේන්තුවට. මේ වැඩපිළිවෙලේ තියෙන විශේෂත්වය තමා, මාස 48ක කාලය තුළ දී ලංකාවේ කවුරු ආණ්ඩු කළත් ඒ ආණ්ඩු කරන්නේ කවුද කියන එක පිළිබඳ දේශපාලන මතිමතාන්දරවලින් තොරව එකඟ වූ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න කරන්නම ඕනේ. එසේ නොමැති නම් අපිට අන්තර්ජාතික වශයෙන් ලෝකය එක්ක ගනුදෙනු කරලා මේ රට පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ…

 

මගේ නම් පුද්ගලික අදහස මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ලංකා ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම තියෙන කොන්දේසිවලට විරුද්ධ ද ? විරුද්ධ නම් තමා මේක කරන්නේ නැතුව මේ දේ කරන්නේ කියන දේ පිළිබඳ තනි තනි දේශපාලන පක්ෂය මතය පාර්ලිමේන්තුවේ සටහන් කරලා තියෙනවා නම් වැදගත් වෙයි කියලා මම හිතනවා. එවැනි ඡන්ද විමසීමක් කරත් වැදගත් කියලා මම පුද්ගලිකව හිතනවා. මොකද මීට පෙර 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවට්ටලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමා අපි එකඟවෙන කොන්දේසි ඊට පස්සේ ඉටුකරලා නෑ. මෙවරත් එසේ වුණොත් මීටත් වඩා දරුණු අගාධයකට රට පත්වෙන නිසා දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳ ජාතික එකඟතාවයක් ඇති කරගැනීම වැදගත් කියලා මම හිතනවා…”

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවකයින් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment