දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවය.

 

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට ගත් තීරණයට එරෙහිව නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment