දේශීය

රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප ගැනත් තීරණයක්

යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසීය.

 

අද (22) පාර්ලිමේන්තුවේ දී IMF විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ අදහස් දක්වමින්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ දී ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය.

 

රාජ්‍ය වියදම් කළමනාකරණය …..

 

*රජයේ වියදම් සඳහා ලබාදෙනවා ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර.

*ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීම.

*ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා.

*ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.

*සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්නවා.

*මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කරනවා.

*ස්වෛරීය ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීම.

Related posts

2025 වර්ෂයේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැළසුම් – ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය

Editor O

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment