දේශීය

පුතාට මාරාන්තික පහරක් එල්ලකළ පියාට ලැබුණු දඬුවම

තම පුතු ඝාතනය කිරීමේ වරද පිළිගත් පියෙකුට අධිකරණයක් මගින් වසර දෙකක සිරදඬුවම් නියම කොට එය වසර 10කට අත්හිටුවනු ලැබීය.

 

ඊට අමතරව රුපියල් 25,000ක දඩයක්, වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ ගිණුමට රුපියල් 250,000ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කොට තිබේ.

 

පාඩම් කරන ලෙස පවසා කොසු මිටෙන් පහරදී තම පුතා ඝාතනය කිරීමේ අධි චෝදනාවට නඩු විභාගයේදී විත්තිකාර පියා වරද පිළිගෙන තිබුණි.

 

ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

 

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිරදඬුවමක්ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිරදඬුවමක්ද නියම කර තිබේ.

 

මෙසේ දඬුවම් නියම වූයේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ සුරවීර ආරච්චිගේ රාජ් කුමාර නමැති 50 හැවිරිදි පියෙකුට ය.

 

ගාල්ල පොලිස් වසමේ මහමෝදර සියඹලාගහ වත්තේදී 2021 සැප්තැම්බර් 29 වනදා තම පුතාවූ සුරවීර ආරච්චිගේ ගිම්හාන් විමුක්ති නමැති 16 හැවිරිදි පුතාට කොසු මිටකින් පහරදී තිබේ.

 

පහරදීමෙන් පුතා ඝාතනයවී තිබුණි.

 

ඔහු නිතර පරිගණකයේ සහ අන්තර්ජාලයේ රැඳිසිටින බවත්, එදින නිවාඩු දිනයක් බැවින් නිවසේ සිටියදී පාඩම් කරන ලෙස බැණවැදී ඇති බවත් පසුව ඇතිවූ බහින්බස්වීමකදී පියා නිවසේ කාමරයේ තිබූ කොසු මිටෙන් හිසට පහරදී ඇති බව හෙළිවී ඇත.

 

පහර කෑ සිසුවා සිහිසුන්වී බිම වාඩිවී කටින් සෙම පෙරමින් සිටියදී කරාපිටිය රෝහලට ඇතුලු කර කිබේ.

 

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුතා මියගොස් ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

 

පියා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා කියා සිටියේ, තම සේවාදායකයා කිසිසේත්ම මිනීමැරීමේ චේතනාවකින් තම පුතාට පහර නොදුන් අතර සිදුවූ වරද පිළිගන්නා බවය.

ඉදිරිපත්වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරු මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට දඬුවම් නියම කළාය.

Related posts

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ පනස් දහසක්…?

Editor O

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment