දේශීය

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අද පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

 

කොළඹ, දෙහිවල, ගල්කිස්ස,‍ කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

 

ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment