දේශීය

පල්ලෙකැලේ සිටි රැඳවියෙක් මහවැලි ගඟට බිලිවෙයි

පල්ලෙකැලේ එලිමහන් කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ අදාළ රැඳවියා අත්අඩංගුවෙන් මිදී පළායාම සඳහා මහවැලි ගඟට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

 

අතුරුදන් වූ රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

හොරොයින් ළඟතබා ගැනීමේ වදරකට බන්ධනාගාර ගතව අදාළ රැඳවියා පුනුරුත්ථාපනය වෙමින් සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය.

 

පොලීසියේ සහ නාවික හමුදාවේ සහය ඇතිව රැඳවියාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසමෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

අදත් පැය 03ක් විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment