ක්‍රීඩා

පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර අද (25) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.

 

ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 76ක් පමණි.

 

ඒ අනුව නවසීලන්ත පිල එම තරගය ලකුණු 198කින් ජය ගත්තේය.

 

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කර තිබුණි.

 

අද තරගයේදී ධනංජය ද සිල්වාට ශ්‍රී ලංකා පිලේ සිය ස්ථානය අහිමි වූ අතර නවසීලන්තය අද තරගයට පිවිසුනේ නවකයන් දෙදෙනෙකුට එක්දින වරම් ලබා දෙමිනි.

 

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ආරම්භ පිතිකරුවන් යුගඝ පළමු කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්තයට වේගවත් ආරම්භයක් ලබාදුනි.

 

පන්දු රකිමින් සිටියදී පැතුම් නිස්සංක ඇගිල්ලේ ආබාධයකට ලක්වූ අතර අනතුරුව ඔහු පිටියෙන් ඉවත් වුණි.

 

ඒ වෙනුවට පන්දු රැකීමට පිටියට පිවිසේ ධනංජය ද සිල්වාය.

 

සිය එක්දින දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කළ චාමික කරුණාරත්න ලකුණු 46කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 4කි.

 

ඒ අනුව නවසීලන්ත පිල පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 274ක් රැස් කිරීමට සමත්වුණි.

 

ඉන් ලකුණු 21ක්ම අතිරේක ලකුණුවීම ද විශේෂත්වයකි.

Related posts

LPL තරඟ පාවාදීමේ සිද්ධියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අධිකරණයට

Mohamed Dilsad

මෙවර ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණූ තරඟ මෙන්න

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද

Mohamed Dilsad

Leave a Comment