දේශීය

මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිට මහවැලි ගඟ හරහා පළා යමින් සිටිය දී ගඟට වැටී දියේ ගිලී අතුරුදන්වූ රැඳවියාගේ සිරුර හමුව ති‌බේ.

 

පල්ලෙකැලේ පොලීසිය හා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එම සිරුර හමුව ඇති බව පොලීසිය පැවසීය.

 

එසේ දියේ ගිලී මියගිය රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

 

ඊයේ (25) අදාළ රැඳවියා සිර කඳවුරෙන් පළා ගොස් ඇති අතර, පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මහවැලි ගඟට පැන තිබුණි.

Related posts

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

Mohamed Dilsad

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන නව රෙගුලාසි පනවයි

Mohamed Dilsad

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment