දේශීය

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන හෙට (27) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ඒ අනුව, රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතය.

 

මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

 

එම සහල් ඉල්ලුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 

 

Related posts

දඹදිව වන්දනාවේ ගිය 210 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

Leave a Comment