දේශීය

ජනක රත්නායක තීරණයක් ගනී

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.

 

එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු ඒ මහතා, තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.

 

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබීය.

 

දින 13කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමට ද කටයුතු කළේය.

 

ඒ කඩාකප්පල්කාරී පිරිසක් එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහයක් ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

Mohamed Dilsad

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

Mohamed Dilsad

අවදානම් නොවන දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අද සිට

Mohamed Dilsad

Leave a Comment