දේශීය

ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ වෛරස් රෝග ව්‍යාප්තියක්

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවය.

 

බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ද පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

 

“මේ දිනවල ළමුන් අතර වෛරස් උණක් පැතිරුණා. මේකේ රෝග ලක්ෂණ විදියට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ ඇස්වලින් කබ ගැලීම සහ සමහර අයට බඩඑළිය යෑම වගේ රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. සමහර අයට ඉන්ෆ්ලුවන්සා රෝගය පොසිටිව් වුණා. සමහර අයට පොසිටිව් වුණේ නෑ. හැබැයි ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තිබුණා. පසුකාලීනව දිගටම පවතින කැස්සක් ළමයි අතර පවතිනවා. ඒ නිසා මේ දවස්වල උණ තියෙනවා නම් කැස්ස, හෙම්බිරිසාව සමඟ ඉන්ෆ්ලුවන්සා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඇස්වලින් කබ ගලනවා වෛරස් උණක් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල්වලට, මොන්ටිසෝරිවලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යවන්න එපා.”

 

ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

 

“කැස්ස කාලයක් තියෙනවා නම් ළමා හතියේ වැඩිවීමක් ද ? වෛරස් එකය පසුකාලීනව ඇති වුණ කැස්සක් ද කියලා හොයලා බලන්න. ඊට අමතරව කාලයක් කැස්ස තියෙනවා නම්, එවැනි කැස්ස තියෙන වැඩිහිටියෝ ඉන්නවා නම් ක්ෂය රෝගය ගැන කල්පනාකාරී වෙන්න. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ දවස්වල දින තුනකට වඩා උණ තියෙනවා නම් ඉන්ෆ්ලුවන්සා හෝ ඊට සමාන වෛරස් උණක් එන්න පුළුවන්. එයට අප කළ යුත්තේ පැරසිටිමෝල් මාත්‍රාව අරගන්න. විවේකය ලබාදෙන්න. ගෙදරට වෙලා ඉන්න. දියර වර්ග ලබාදෙන්න. දින තුනකට වඩා උණ තියෙනවා නම් ඩෙංගු රෝගී පරීක්ෂාව සිදුකරන්න. හුස්ම ගැනීමට අපහසු නම් රෝහල්ගත වෙන්න. මාස්ක් පාවිච්චි කරන්න.”

Related posts

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

අද සිට දින තුනක විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment