දේශීය

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දියාවේ සහාය

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ ඒ බව සඳහන් වෙයි.

 

2030 වනවිට සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ස්වාධීනවීම සහ 2050 වසර වනවිට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයකට පත්වීම, රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව එහි සඳහන් ය.

 

ඒ අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල සූර්ය බලශක්තිය, වෙරළබඩ සුළං ඇතුළු සුළං භාවිතයෙන් බලශක්තිය උත්පාදනය හා ජෛව ස්කන්ධ ආශ්‍රීත බලශක්තිය උත්පාදන ව්‍යාපෘති සහ අනවරත සම්ප්‍රේශණ යටිතල පහසුකම් ඒකාබද්ධව සිදුකිරීම සහ/හෝ පහසු කිරීම මගින් පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ශත්තිමත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

වැස්ස එක්ක ඩෙංගු පැතිරීම තීව්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment