දේශීය

පොලිස් ලොක්කන් කිහිපදෙනෙක්ට හදිසියේම ස්ථාන මාරු

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු උසස් නිලධාරීන් සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථානය වෙත හා කේෂ්ත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානය වෙතද පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. සි. ඒ. පුෂ්පකුමාර, පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරි එච්. එම්. සි. පි. හේරත්, ආනමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. පී. ජි. එන්. ආර්. බණ්ඩාර යන මහත්වරු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටද මාරුකර තිබේ.

 

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය, ජාතික පොලිස් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත එම ස්ථාන මාරු පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා විසින් සිදුකර ඇත.

 

මෙම ස්ථාන මාරු, පොලිස් කොස්තාපල්වරයෙකුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පහරදීමෙන් අනතුරුව එම නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

පසුගියදා නවගත්තේගම පොලීසියේ කොස්තාපල්වරයෙකුව පැහැරගෙන ගොස් කනත්තක් අසල දමාගොස් සිටියදී සොයාගනු ලැබීය.

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ පැහැරගැනීම සිදුකළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

 

මෙම සිද්ධියට අදාළ සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුව ආනමඩුව පොලිස් ස්ථානයට භාරවී තිබුණි.

 

කෙසේවෙතත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවිය

Related posts

කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේ

Mohamed Dilsad

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

Mohamed Dilsad

Leave a Comment